ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මාස නමයක් රදවා සිටි 21 වියැති තරුණයා ඇප මත මුදා හරියි..! ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, අත්අඩංගුවට ගෙන ගෙන මාස නමයකට ආසන්න කාලයක් රැදවුම් භාරයේ තබාගෙන සිටි, මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහේල් නමැති 21 වියැති තරුණයා, ඇප මත මුදා හැරීමට අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය. දෙහිවල පොලිසිය මගින් මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහේල් මුලින්ම අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 23 වන දා ය. ඒ, ඔහු, “ජාතික හැදුනුම්පතක් නොමැතිව” මෙරට ඊශ්‍රායල කොන්සියුලර් කාර්යාලය ඉදිරියේ සිටිය දී ය. අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව, අත්අඩංගුවට ගත් දිනට පසු දින ඔහු මුදා හැරීමට දෙහිවල පොලිසිය කටයුතු කර තිබුණි. නමුත්, ඉන් දින දෙකකට පමණ පසු දෙහිවල පොලිසිය නැවත ඔහු කැදවා තිබුණු අතර, එම අවස්ථාවේ දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම තරුණයා අත්අඩංගුවට ගැනීම සිදු විය. එම අත්අඩංගුවට ගැනීම සදහා හේතු වී තිබුණේ, ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිනුමේ බෙදා හැර තිබුණු වීඩියෝවකි. එම වීඩියෝව තුළ ඊශ්‍රායලට එරෙහි අඩංගුවක් තිබුණු බව වාර්තා වේ. මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහේල්, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ගුවන් සේවා ශිෂ්‍යයෙකි.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-15 12:38 pm
|
Heading |
---|
2025-07-15 11:48 am
|
Heading |
---|
2025-07-15 11:21 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|