Heading
දේශීය
2025-07-15 2:24 am • Views: 609

සජිත්ගේ සැමට සෙවණ දූෂණ සෙවීම පටන් ගනී. ප්‍රචාරණ වියදම රුපියල් ලක්ෂ 5230 ක්. ණය පැහැර හැරීම රුපියල් මිලියන 13,000 ක්.

සජිත්ගේ සැමට සෙවණ දූෂණ සෙවීම පටන් ගනී. ප්‍රචාරණ වියදම රුපියල් ලක්ෂ 5230 ක්. ණය පැහැර හැරීම රුපියල් මිලියන 13,000 ක්. 

විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස, නිවාස අමාත්‍යවරයාව සිටි 2015 - 2019 අතර කාලයේ තුළ නිවාස අමාත්‍යංශය තුළ සිදුව තිබෙන දූසණ අක්‍රමිකතා පිළිබදව සොයා බැලීම සදහා අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසයි. 


විශේෂයෙන්ම, සජිත් ප්‍රේමදාස විසින් දියත් කර තිබූ, “සැමට සෙවණ” ව්‍යාපෘතිය යටතේ, ණය වශයෙන් ලබා දී තිබෙන රුපියල් මිලියන දහ නම දහසකට ආසන්න මුදලක් යළි අයකර ගැනීමට කටයුතු කර නැති බවත්, එක් නිවාස ව්‍යාපෘතියක ප්‍රචාරණය සදහා රුපියල් ලක්ෂ පන් දහස් දෙසිය තිහක මුදලක් වැය කර තිබෙන බවත් අනාවරණය වී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. 

මේ පිළිබදව අභ්‍යන්තර විමර්ශනයක් සහ විශේෂ විමර්ශනයක් සිදු කිරීමට නියමිත ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න