“ම්ලේච්ඡත්වය නවතනු..! නැතහොත් පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට කටයුතු කරනවා..!” බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඊශ්‍රායලයට අනතුරු හගවයි. ගාසා තීරය තුළ සිදු වන අමානුෂික ම්ලේච්ඡ ක්‍රියා තවත් ඉවසිය නොහැකි බව එක්සත් රාජධානිය නිවේදනය කර තිබේ. එකී ම්ලේච්ඡත්වය නතර කිරීමට ඊශ්‍රායලය විසින් පියවර නොගතහොත්, පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සිදු වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් පවසයි. සටන් විරාමයකට එකඟ වීම, ද්වි රාජ්‍ය විසදුම කරා යන දිගු කාලීන සාමයකට කැපවීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යාමට ඉඩ ලබා දීම යන කොන්දේසීන්ට ඊශ්‍රායලය වහා එකග විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි. මේ කරුණු නොතකා හැරීමට ඊශ්‍රායල කටයුතු කළහොත්, එළැඹෙන සැප්තැම්බරයේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට එක්සත් රාජධානිය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් පවසයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-31 8:23 am
|
Heading |
---|
2025-07-07 12:03 pm
|
Heading |
---|
2025-07-02 3:44 am
|
Heading |
---|
2025-06-24 2:52 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|