“සාමය අවශ්‍යනම් ක්‍රිමියාවත් නේටෝ සාමාජිකත්ව ලබා ගැනීමේ සිහිනයත් අත් හරින්න..!” ජනපති ට්‍රම්ප් සෙලෙන්ස්කිට කියයි. යුක්රේන ජනාධිපති ව්ලඩ්මියර් සෙලෙන්ස්කි, අද, ධවල මන්දිරයේ දී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසීමට නියමිතය. අද සිදුවීමට නියමිත මෙම හමුවට පෙර, අගෝස්තු මාසයේ 15 වන දා ජනාධිපති ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් අතර හමුවක්, ඇලෙස්කාවේ දී සිදු විය. එය යුක්රේන-රුසියානු යුද්ධය අවසන් කිරීමේ අරමුණ ඇතිව සිදු වූ හමුවකි. එම හමුවේ දී යුද්ධය අවසන් කිරීම සදහා ජනාධිපති පුටින් ඉදිරිපත් කළ කොන්දේසි පිළිබදව ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් අද දිනයේ දී ජනාධිපති සෙලෙන්ස්කි දැනුම්වත් කිරීමට නියමිත ය. අද පැවැත්වීමට නියමිත එම සාකච්ඡාවට පෙර ම, ජනාධිපති ට්‍රම්ප්, රුසියානු ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන ප්‍රධාන කොන්දේසි දෙක හෙළි කර තිබේ. ඒ අනුව, ක්‍රිමියාව යළි අත්පත් කර ගැනීම සහ නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම යන සිහින දෙකම යුක්රේනය විසින් අත්හැර දැමිය යුතුය. ක්‍රිමියාව යුක්රේනයට අයත්ව පැවති භූමියකි. නමුත්, රුසියානු හමුදා මීට වසර දහයකට පමණ පෙරදී ක්‍රිමියාව ආක්‍රමණය කළේ ය. කෙසේ වෙතත්, ක්‍රිමියානුවන්ගෙන් සාතිශය බහුතරය රුසියානු පාලනයක් යටතේ පැවතීමට වැඩි කැමැත්තක් දක්වන බව ඒ සම්බන්ධයෙන් සිදුකර තිබෙන ජනමත විචාරණයකින් තහවුරු වී ඇති බව පැවසේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-08-11 9:56 am
|
Heading |
---|
2025-07-31 8:23 am
|
Heading |
---|
2025-07-07 12:03 pm
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|