Heading
දේශීය
2025-08-08 3:15 am • Views: 869

“අතුරුදන් නෑ..! චන්ද්‍රිකාව කක්ෂගතව පවතී.!” සුප්‍රීම්සැට් සමාගම පවසයි.

“අතුරුදන් නෑ..! චන්ද්‍රිකාව කක්ෂගතව පවතී.!” සුප්‍රීම්සැට් සමාගම පවසයි. 

ආන්දෝලනයට ලක්ව තිබෙන සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන්, එම චන්ද්‍රිකාව ගුවන්ගතකරන ලද සුප්‍රීම් සැට් ආයතනය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.  

එම මාධ්‍ය නිවේදනයට අනුව, අදාල චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගතකර තිබෙන අතර, එම ව්‍යාපෘතිය සදහා රජයේ අරමුදල් වැය කර නැත.  

මෙම කරුණු 2012 වසර තරම් ඈතක සිට මහජනතාවට අනාවරණය කර තිබුනද, දේශපාලන අවශ්‍යතා මත, ඇතැම් පිරිස්, එය පිළිගැනීමට මැලි වූ බව සමාගම කියයි. 

සමාගම විසින් නිකුත් කර තිබෙන නිවේදනයේ දැක්වෙන ආකාරයට, චන්ද්‍රිකාව 87.5 නැගෙනහිර අක්ෂයේ කක්ෂගතව පවතී. 

ඊයේ දිනයේ දී අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් සුප්‍රීම් සැට් සමාගමේ ගිණුම් වාර්තා පිලිබදව හෙළිදර්වක් පාර්ලිමේන්තුව තුළ සිදු කළේ ය. 

සිය මාධ්‍ය නිවේදනය ඔස්සේ ඒ පිළිබදවද අදාල සමාගම අදහස් දක්වා තිබේ. 

එහිදී සමාගම ප්‍රකාශ කරන්නේ, ඔවුන්ගේ අනුදැනුමකින් තොරව සමාගමේ ගිණුම් වාර්තා පිළිබදව සාකච්ඡා කිරීම සුදුසු නොවන බවයි. 

සමාගමේ සභාපති ආර්.එම්. මනිවානම් ගේ අත්සනින් යුතු-ව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කර තිබෙන එම සම්පූර්ණ නිවේදනය පහතිනි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න