Heading
දේශීය
2025-08-19 7:52 am • Views: 555

හැංගි හැංගී සිටි තුසිත හල්ලොලුව අද උදෑසන අත්අඩංගුවට ගනී..!

හැංගි හැංගී සිටි තුසිත හල්ලොලුව අද උදෑසන අත්අඩංගුවට ගනී..!

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව, අද උදෑසන, අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. 

ඊයේ දිනයේ දී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණි. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමිනි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු, තුසිත හල්ලොලුව සහ තවත් අයෙකු (නීතීඥයෙකු) ගමන් ගත් මෝටර් රථය නවත්වා, අහසට වෙඩි තබා, තුසිත හල්ලොලුව සතුව තිබූ රහස්‍ය ලිපි ගොනුවක් පැහැර ගත් බව මැයි මාසයේ 17 හෝ ඊට ආසන්න දිනයක දී වාර්තා විය. 

මීට අදාලව සැකකරුවන් කිහිප දෙනෙකුම කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබී ය. 


  

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න