Heading
දේශීය
2026-02-13 10:33 am • Views: 21

පුද්ගල මරණ දෙකක්..! ඉන්දියාවෙන් ගෙන්වන ලද ප්‍රමිතියෙන් තොර ඔන්ඩෙන්සෙට්රෝන් එන්නත පිළිබඳව අල්ලස් කොමිසම විමර්ශන අරඹයි.

පුද්ගල මරණ දෙකක්..!
ඉන්දියාවෙන් ගෙන්වන ලද
ප්රමිතියෙන් තොර ඔන්ඩෙන්සෙට්රෝන් එන්නත
පිළිබඳව අල්ලස් කොමිසම විමර්ශන අරඹයි.
ඉන්දියාවෙන් ගෙන්වන ලද, ප්රමිතියෙන් තොර ඔන්ඩෙන්සෙට්රෝන් නමැති එන්නත, රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.
අදාල එන්නත, ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 12 වන දා හෝ ඊට ආසන්න දිනයක දී භාවිතය අත්හිටුවන ලදී.
කෙසේ වෙතත්, ඒ ආසන්න දිනය දී ම ජාතික බෝනොවන රෝග විද්යායතනය හෙවත් අයිඩීඑච් රෝහලට ඇතු-ළත් කරන ලද 23 වියැති තරුණියකට එම එන්නත ලබා දී තිබුණු අතර, පසුව ඇති වූ සංකූලතා මත එදිනම ඇය මිය ගොස් තිබුණි.
ඊට අමතරව, මහනුවර මහ රෝහලට ඇතුළත් කරන ලද තවත් රෝගියෙකු අදාල එන්නත ලබා දීමෙන් පසුව මියගොස් තිබුණි .

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න