Heading
දේශීය
2026-02-13 10:36 am • Views: 21

“ජයග්‍රහණය සැමරීමට පෙළපාලි හෝ රැස්වීම් එපා..!” තුනෙන් දෙකක බහුතරයක් ලබා ගනිමින් මහමැතිවරණය ජයග්‍රහණය කළ බන්ග්ලාදේශ ජාතික පක්ෂය කියයි.

“ජයග්රහණය සැමරීමට
පෙළපාලි හෝ රැස්වීම් එපා..!”
තුනෙන් දෙකක බහුතරයක් ලබා ගනිමින්
මහමැතිවරණය ජයග්රහණය කළ
බන්ග්ලාදේශ ජාතික පක්ෂය කියයි.
හිටපු අගමැතිනිය නෙරපා හැරීමෙන් පසුව පවත්වන ලද පළමු මහ මැතිවරණයේ ජය, බංග්ලාදේශ ජාතික පක්ෂය විසින් දිනාගෙන තිබේ.
මන්ත්රී ආසන 300 න් ආසන 209 ක් බංග්ලාදේශ ජාතික පක්ෂය විසින් දිනාගෙන ඇති බව පැවසේ.
හිටපු අගමැතිනිය නෙරපා හැරීම සදහා නායකත්වය දුන් ශිෂ්ය ව්යාපාරයේ සහයෝගය ලැබී තිබුණු ජමාතේ ඉස්ලාම් පක්ෂය ප්රමුඛ සන්ධානය මන්ත්රීධූර 68 ක් දිනාගෙන තිබේ.
කෙසේ වෙතත් ඔවුන් ප්රධාන විපක්ෂය බවට පත් වීමට නියමිතය.
මහමැතිවරණයෙන් ලබාගත් විශිෂ්ඨ ජයග්රහණය සැමරීම සදහා ජන රැළි හෝ පෙළපාලි සංවිධානය නොකරන ලෙස බන්ග්ලාදේශ ජාතික පක්ෂය සිය ආධාර කරුවන්ගෙන් ඉල්ලා ඇති අතර, අද සිකුරාදා යාඥාව ජයග්රහණය සැමරීම සදහා යොදා ගන්නා ලෙසද දැනුම් දී තිබේ

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න