Heading
දේශීය
2024-09-28 12:24 pm

හේමා, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී සහ ගෝඨා නඩත්තු කිරීමට වසර තුනකට කෝටි 27 ක් මහජන මුදල් වැය වෙයි.

හේමා, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී සහ ගෝඨා නඩත්තු කිරීමට වසර තුනකට කෝටි 27 ක් මහජන මුදල් වැය වෙයි. 

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ආර්යාවක වන හේමා ප්‍රේමදාස යන අය නඩත්තු කිරීම සදහා රජය, මේ වසර තුන සදහා පමණක් රුපියල් කෝටි විසි හතක මුදලක් වැය කර ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන අධ්‍යයන අංශයේ මහාචාර්ය, වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීප පුවත්පත සමග පවසා තිබේ. 

මෙම පිරිස නඩත්තු කිරීම සදහා 2022 වසරේ දී වැය කර තිබෙන මුදල රුපියල් කෝටි 07 කි. 2023 වසරේ දී එම මුදල රුපියල් කෝටි අටකට වඩා වැඩි වී ඇති අතර, 2024 වසරේ දී ඒ සදහා වෙන්කර තිබෙන මුදල් රුපියල් කෝටි 11 කි. 

හිටපු ජනාධිපතිවරු නඩත්තු කිරීම සදහා වැය වන වියදම වසරෙන් වසර ඉතා ඉහළ අගයකින් මිල ඉහළ යන බව දක්නට ලැබේ. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න