Heading
ජාත්‍යන්තර
2024-09-28 6:19 am

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් හිස්බුල්ලා නායකයා මිය යයි..

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් හිස්බුල්ලා නායකයා මිය යයි..


සිකුරාදා දිනයේ ලෙබනයේ අගනුවර වන බේරූට් වෙත ඊශ්‍රායල හමුදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයන්ගෙන් සිය සංවිධානයේ නායකයා වූ හසන් නසරල්ලා ඝාතනය වී ඇති බව හිස්බුල්ලා සංවිධානය තහවුරු කරයි. 

පලස්තීන ඊශ්‍රියල ගැටුම් යළි උත්සන්න වූ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා, ඊශ්‍රායල හමුදා විසින් හිස්බුල්ලා සංවිධානයට සම්බන්ධ ප්‍රධාන නායකයන් රැසක් ඝාතනය කර තිබුණි. 

හිස්බුල්ලා සංවිධානය පලස්තීන විමුක්ති අරගලයට සහාය දක්වයි. 

ඊශ්‍රායල හමුදා හිස්බුල්ලා සංවිධානය ඉලක් කර ගනිමින් කෙතරම් දරුණු ප්‍රහාර එල්ල කළද, ඔවුන්ට හිස්බුල්ලා සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බව, ටෙහාරන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන මොහොමඩ් මරන්ඩි පවසයි. 

ඒ, ඔවුන් සතුව රට පුරා විහිදුණු උමං මාර්ග පද්ධතියක් ඇති බැවිනි. 

ඊශ්‍රායල හමුදා හිස්බුල්ලා සංවිධානයට ප්‍රහාර එල්ල කිරීම සදහා භාවිතා කරන උපක්‍රම හේතුවෙන්, බටහිර ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති විය හැකි බව මහාචාර්යවරයා පවසයි. 

විශේෂයෙන්ම, පේජර් සහ වෝකි ටෝකි පුපුරා දැමීම වැනි උපක්‍රම හේතුවෙන් බටහිර ඉලෙක්ට්‍රොනික භාණ්ඩ කෙරෙහි විශ්වාසය පළුදුවී යනු ඇතැයි මහාචාර්යවරයා පවසයි. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න