Heading
දේශපාලන
2024-10-22 9:28 am

පාස්කු කමිටු ගැන රනිල්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්..!

පාස්කු කමිටු ගැන රනිල්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්..!

පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා තමන් විසින් පත් කළ කමිටු සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ. 

මෙම කමිටු දෙකෙන් එක් කමිටුවක් ඔහු පත් කර තිබුනේ, ප්‍රහාරය පිළිබදව බුද්ධි අංශ සිදු කළ දැනුම් දීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු පාර්ශ්ව නිසි පරිදි කටයුතු කර තිබේද යන්න සොයා බැලීම සදහා ය. 

එම කමිටුව විසින් ඉදිරිපත් කර තිබූ වාර්තාව පසුගිය දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් හෙළි කරන ලදී. 

අද කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා පවසා සිටියේ, රජය, ගම්මන්පිල විසින් හෙළිදරව් කරන ලද කමිටු වාර්තාව පිළි නොගන්නා බවයි.

එම කමිටුවේ සභාපති විනිසුරුවරියද විශමාචාර චෝදනා එල්ල වූ අයෙකු බව විජිත හේරත් පවසා සිටියේ ය. 

ඊට අමතරව, කාදිනල් හිමි සහ සිරිල් ගාමිණී පියතුමා ද අද මාධ්‍ය හමුවක් පවත්වමින්, එම කමිටු වාර්තාව තමන් පිළි නොගන්නා බව ප්‍රකාශ කළේ ය. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න