විදුලි මාෆියාව තාමත් වැඩ...! ජලාශ වාන් දමද්දීත් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගනී..! හිතාමතාම නොරොච්චෝලෙත් අඩපණ කරයි. මහ වැසි ඇද වැටී විදුලි බලාගාර ආශ්රිත ජලාශ වාන් දමන තත්ත්වයක් තුළ, පූර්ණ ධාරිතාවයකින් ජල විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබියදීත්, විදුලි බල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගනිමින් සිටින බවට ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උපසභාපති නන්දන උදය කුමාර මහතා පවසයි. මෙය පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ විදුලි මාෆියාව යළි ඒ ලෙසම ක්‍රියාත්මක වීමක් බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි. පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ උපක්‍රමයක් ලෙස නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් එක් ජනන යන්ත්‍රයක් පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බවද ඔහු පවසයි. නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් මෙසේ අඩපණ කොට තිබෙන්නේ අවශ්‍ය තරම් ගල් අගුරු තොග තිබිය දී ය.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-20 3:25 am
|
Heading |
---|
2024-12-20 10:12 am
|
Heading |
---|
2024-12-19 11:14 am
|
Heading |
---|
2024-12-19 11:31 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|