Heading
දේශීය
2025-09-16 11:37 am • Views: 900

හරක් කටා රැගෙන යන බන්ධනාගාර බස් රථයට ක්ලේමෝ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් හෙළි වේ.

හරක් කටා රැගෙන යන බන්ධනාගාර බස් රථයට ක්ලේමෝ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් හෙළි වේ. 

හරක් කටා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන නදුන් චින්තක නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා ක්ලේමෝ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සැලැස්මක් තිබී ඇති බව හෙළිදරව් වී තිබෙ. 

හරක් කටා අධිකරණයට ගෙන එන බන්ධනාගාර බස් රථය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර තිබෙන අතර, පද්මේගේ ප්‍රහාරක සැලැස්ම ක්‍රියාත්මක කිරීම භාර වී ඇත්තේ කමාන්ඩෝ සලින්ත නමැති අයටයි. 

කමාන්ඩෝ සලින්ත තමන්ගෙන් ක්ලේමෝ බෝම්බයක් ඉල්ලූ බව, කෙහෙල්බද්දර පද්මේ සමඟ සම්බන්ධතා ඇතැයි සැක පිට අත්අඩංගුවට ගෙන සිටින ලෙෆ්ටිනන් කර්නල්  විමර්ශකයන්ට හෙළි කර තිබේ. 

තමන් පද්මේ ඇතු-ළු කණ්ඩායමට ක්ලේමෝ බෝම්බල සැපයූ බව ලෙෆ්ටිනන්ට් කර්නල් වරයා පිළිගෙන නැතත්, ඔහු, ක්ලේමෝ බෝම්බ් දෙකක් එම කණ්ඩායමට ලබා දී ඇතැයි විමර්ශකයන් සැක කරයි. 

අයිලන්ඩ් පුවත්පත ඇසුරෙනි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න