Heading
දේශපාලන
2024-12-12 11:55 am • Views: 922

මහින්දගේ ආරක්ෂාව 60ට බස්සයි..! මෛත්‍රීට 51 යි. චන්ද්රිකාට 58 යි.

මහින්දගේ ආරක්ෂාව 60ට බස්සයි..! මෛත්‍රීට 51 යි. චන්ද්රිකාට 58 යි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබෙන ආරක්ෂාව 60 දෙනෙකුගෙන් යුත-ු බල ඇණියක් දක්වා අඩුකර තිබේ. 

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලබා දී තිබෙන විමර්ශන වාර්තා මත පදනම්ව වැඩ බලන පොලිස්පතිවරයා විසින් මේ පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු- කළ පොලිස් නිළධාරීන් 116 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබා දී තිබේ. 

ස්ථානමාරුවීම් ලබා දී තිබෙන පොලිස් නිළධාරීන් අතර, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හත් දෙනෙක- සහ පොලිස් පරීක්ෂකවරු සිව් දෙනෙකුද සිටින බව වාර්තා වේ. 

මීට අමතරව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී තිබෙන ආරක්ෂාව 51 දෙනෙකුගෙන් යුතු පොලිස් බල ඇණියකටත් චන්ද්රිකා ක-ුමාරතුංග මහත්මියට ලබා දී තිබෙන ආරක්ෂාව 58  දෙනෙකුගෙන් යුතු පොලිස් බල ඇණියකටත් සීමා කර තිබේ. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බවද වාර්තා වේ. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න