Heading
දේශපාලන
2024-12-15 7:19 am • Views: 2732

අගමැතිනිය වෙලාවට ඇවිත් නෑ. ඇමති හදුන්නෙත්තිනම් ඇවිල්ලාම නෑ.. එන්නැති බව දැනුම් දීලත් නෑ.

අගමැතිනිය වෙලාවට ඇවිත් නෑ. ඇමති හදුන්නෙත්තිනම් ඇවිල්ලාම නෑ.. එන්නැති බව දැනුම් දීලත් නෑ.

පාසල් දරුවන්ගේ නිල ඇදුම් සදහා අවශ්‍ය රෙදි සියයට සියයක ප්‍රදානයක් ලෙස ලංකාවට ලබා දීමට චීනය කටයුතු කලේ ය. 

නිල වශයෙන් මෙම රෙදි තොගය භාර දීමේ උත්සවය කොළඹ වරායේ දී පැවැත්විය. ඒ සදහා මෙරට චීන තානාපතිවරයා හා අග්‍රාමාත්‍යවරිය සහභාගී විය. 

උත්සවය සදහා අග්‍රාමාත්‍යවරිය සහභාගී වූ වේ එය පැවැත්වීමට නියමිතව තිබුණු වේලාවට පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වී බව වාර්තා විය. 

නියමිත වේලාවට පැමිණ සිටි චීන තානාපතිවරයා දැඩි අවු රශ්මිය ඉවසාගත නොහැකිව එතැනින් පිටව ගොස් අග්‍රාමාත්‍යවරිය පැමිණීමට පෙර නැවත අදාල ස්ථානයට පැමිණ තිබේ. 

මහජන චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රෙදි තොගය භාර ගනිමින් අග්‍රාමාත්‍යවරිය කළ ස්තුති කතාවේ දී ඇයට යම් අතපසු වීමක් සිදුව තිබේ. 

රෙදි තොගය භාර ගනිමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ මෙම රෙදි තොගය ලබා දීම සම්බන්ධයෙන් රිපබ්ලික් ඔෆ් චයිනා [Republic of China] රජයට කෘතඥතාවය පිරිනමන බවයි. 

රිපබ්ලික් ඔෆ් චයිනා යනු චීනය නොව, තායිවානය හැදින්වීම සදහා භාවිතා කරන නිල නාමයයි. 

චීනය හදුන්වන්නේ පීපල්ස් රිපබ්ලික් ඔෆ් චයිනා [people's republic of China] යනුවෙනි. 

වඩාත්ම බිහිසුණු දෙය නම්, තායිවානය සහ චීනය උග්‍ර පසමිතුරන් වීමයි. 

සිය රජය පිරිනැමූ පරිත්‍යාගය වෙනුවෙන් තමන්ට නොව, තම පසමිතුරාට ස්තුති කරනවා අසා සිටීම චීන තානාපතිවරයාට කෙබදු අත්දැකීමක් වුවාද දන්නේ නැත.

මීට අමතරව, ඉරාකය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා සදහා වසර සියයක් සැපිරීම වෙනුවෙන් වූ උත්සවයක් පසුගිය සදුදා දිනයේ දී කොළඹ තරු පන්තියේ හෝටලයක පැවැත් විය. එම උත්සව අවස්ථාව සදහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා සහභාගී වීමට නියමිතව තිබුනද ඔහු එම අවස්ථාවට සහභාගී වී නැති බව වාර්තා වේ. 

අමාත්‍යවරයා එම අවස්ථාවට සහභාගී වී නැතිවා පමණක් නොව, ඔහු නොපැමිණෙන බව කල්තියා දැනුම් දී නැති බවද වාර්තා වේ. 

ඒ අනුව, ඉරාක තානාපති කාර්යාලය ශ්‍රී ලංකාව සහ ඉරාකය අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවල සියවස් සමරුව පවත්වා ඇත්තේ එකදු ශ්‍රී ලාංකිකයෙකු හෝ නැතිවයි.  

සන්ඩේ ටයිම්ස් පුවත්පතෙනි. 


Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න