පෝලිම පැන මැති ඇමතිවරු වන්දි මුදල් බෙදා ගනිති. හානි පූරණය සදහා වූ කාර්යාලය හරහා, පසුගිය අරගල සමයේ දී නිවාස ගිනිතැබීමට ලක් වූ මැති ඇමතිවරු රුපියල් ලක්ෂ 7350 ක මුදලක් වන්දි වශයෙන් ලබාගෙන ඇති බව වාර්තා වේ. මේ බව අනාවරණය වී ඇත්තේ හානි පූරණය සදහා වූ කාර්යාලය පිළිබදව සිදු කරන ලද විගණනයකිනි. 2023 වසරේ දී හානි පූරණය සදහා වූ කාර්යාලය වන්දි වශයෙන් මුදාහැර ඇති මුළ මුදල රුපියල් ලක්ෂ 13,350 කි. ඉන් භාගයකටත් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලබා දී ඇත්තේ නිවාස ගිනි තැබීමට ලක් වූ මැති ඇමතිවරු වෙනුවෙන්. ඔවුන් වෙනුවෙන් ලබා දී ඇති වන්දි මුදල රුපියල් ලක්ෂ 7530කි. වන්දි ඉල්ලා සිටි අනෙක් සියලු පුද්ගලයන් වෙනුවෙන් මුදාහැර ඇති වන්දි මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 5820 ක් පමණි. මැති ඇමතිවරුන්ට මෙසේ ප්‍රමුඛතාවය ලබා දී ඇත්තේ, මැති ඇමතිවරු වන්දි ඉල්ලීමට පෙර වෙනත් විශාල පිරිසක් වන්දි ඉල්ලා තිබිය දී ය. වන්දි ඉල්ලූ එම අනෙක් පිරිස පසෙකට දමා මැති ඇමතිවරුන්ට ප්‍රමුඛතාවය ලබා දීමට හානි පූරණය සදහා වූ කාර්යාලය පියවර ගෙන තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-09 11:41 am
|
Heading |
---|
2024-11-29 4:49 am
|
Heading |
---|
2024-11-01 12:20 pm
|
Heading |
---|
2024-08-16 5:35 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|