“ඇලිස් වයිඩෙල් නරක ගැහැණියක් නොවේ; ඇයට ලංකාවේ පෙම්වතියකුත් ඉන්නවා..!” ඉලෝන් මස්ක් ගේ සහාය ඇලිස් වයිඩෙල්ට..! ජර්මනිය වසර ආරම්භයේ දී ම මහමැතිවරණයකට සූදානම් වෙමින් සිටියි. මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2025 වසරේ පෙබරවාරියේ දී එක්සත් ජනපද ජනාධිපතිවරණයට මැදිහත් වූ ආකාරයටම, ජර්මනියේ පැවැත්වීමට නියමිත මහමැතිවරණය සදහා ද ඉලෝන් මස්ක් මැදිහත් වෙමින් සිටියි. ඔහුගේ සහාය හිමිව ඇත්තේ ඒඑෆ්ඩී නමැති අන්ත දක්ෂිණාංශික පක්ෂයටයි. එහි නායිකාව වන්නේ ඇලිස් වීඩෙල් ය. ඒඑෆ්ඩී පක්ෂයටත් ඇලිස් වීඩෙල්ටත් එල්ල වී තිබෙන ප්‍රධාන චෝදනාව වන්නේ ඔවුන් අන්ත දක්ෂිණාංශිකයන් බවයි. මේ නිසාම, මෙවර මැතිවරණය ගත් විට ඔවුන් සිටින්නේ ජයග්‍රහණයට බොහෝ ඈතිනි. ඉලෝන් මස්ක් ට අවශ්‍ය ජනතාව හිතන තරම් ඒ.ඩී.එෆ් පක්ෂය අන්තවාදී නොවන බව පෙන්වීමටයි. පක්ෂ නායිකා ඇලිස් විඩේල්ට ලංකාවේ සමලිංගික පෙම්වතියක් සිටින බව ඔහු පවසන්නේ ඇය මූලධර්මවාදී කාන්තාවක් නොව, ලිබරල් චරිතයක් බව පෙන්නුම් කිරීමේ අරමුණ ඇතිවයි. කෙසේ වෙතත්, ඉලෝන් මස්ගේ ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් කළ කතුවරියට ඇය සේවක කළ පුවත්පතෙන් ඉල්ලා අස්වීමට සිදුව තිබේ. ජර්මනියේ වත්මන් චාන්සලර් වන ඔලාෆ් ෂොල්ස් ද ඉලෝන් මස්ක් විරෝධියෙකි. ජර්මානුවන් මේ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ යුත්තේ කවුරුන්දැයි තීරණය කළ යුත්තේ, ඉලෝන් මස්ක් නොවන බව ඔහු නිවේදනය කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-03 5:07 am
|
Heading |
---|
2024-12-29 10:17 am
|
Heading |
---|
2024-12-20 11:27 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|