නුදුරේදීම පහක් අත්අඩංගුවට...! හිටපු විදේශ රැකියා ඇමතිවරයෙක්, ප්‍රබල දේශපාලනඥයෙකුගේ බිරිදක් සහ සජබ මන්ත්‍රීවරයෙක් ඒ අතර. නව වසරේ පළමු මාසයේ දී ම ප්‍රබල දේශපාලනඥයන් පස් දෙනෙකු ද ඇතුළුව තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. මේ පිළිබදව පුවත්පත් කිහිපයක්ම වාර්තා කර තිබේ. අත්අඩංගුවට ගැනීමට නියමිත දේශපාලනඥයන් අතර, විදේශ රැකියා සම්බන්ධයෙන් වංචා චෝදනා එල්ල වී තිබෙන හිටපු අමාත්‍යවරයෙක්, යහපාලන සමයේ දී ද විමර්ශන සිදු කොට, පසුව එම විමර්ශන අතර මගදී නවතා දැමීම හේතුවෙන් අත්අඩංගුවට පත් වීමෙන් බේරී සිටි ප්‍රබල දේශපාලනඥයෙකුගේ බිරිදක් සහ සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්ද සිටින බව වාර්තා වේ. මීට අමතරව මිග් යානා ගනුදෙනුවට සහ බැදුම්කර වංචාවට නම ඈදුනු පුද්ගලයන් කිහිප දෙනෙකුද අත්අඩංග-ුවට ගැනීමට නියමිත බව පැවසේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-03 10:24 am
|
Heading |
---|
2024-12-15 7:19 am
|
Heading |
---|
2024-12-13 2:26 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|