"නීතියේ දෘඩතර බලපෑමට යටත් වනවාද..? සුනම්‍ය ලෙස නව සුසමාදර්ශයට අනුගත වනවාද..?" ක්ලීන් ශ්‍රී ලංකා දියත් කරමින් ජනපති අසයි. අපට නව හර පද්ධතියක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. “වැරදි” දේ “හරි” යැයි තේරුම් ගෙන සිටින ජන ප්‍රජාවක් වන අපට, “නව වටිනාකමක් පද්ධතියක්” අවශ්‍ය බව අවධාරණය කරන ජනාධිපතිවරයා, ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනේ අරමුණ එම නව වටිනාකම් පද්ධතිය ගොඩ නගා ගැනීම බව ද පවසයි. මෙහිදී, ආරම්භයක් ලෙස, මිනිසුන්ට ඔවුන්ගේම ජීවිතයේ වටිනාකම පිළිබදව යළි සලකා බැලිය හැකි බව ජනාධිපති වරයා පවසයි. පෙනෙන්නට තිබෙන ආකාරයට නම්, මිනිසුන්ට ඔවුන්ගේ ම ජීවිතවල පවා වටිනාකම අහිමි වී තිබෙන බව පවසන ජනාධිපතිවරයා ඊට උදාහරණ ලෙස වාර්ෂිකව ඉතා ඉහළ අගයක් ගන්නා දියේ ගිලී මිය යාම් සහ මාර්ග අනතුරුවලින් සිදුවන මරණ ප්‍රමාණයන් ගෙනහැර දක්වයි. තමාගේ ජීවිතයටත් අනෙකාගේ ජීවිතයටත් වටිනාකමක් දිය හැකි නව සමාජයක් ගොඩ නැගිය යුතු බව පවසන ජනාධිපතිවරයා, එවැනි සමාජයක් ගොඩ නැගීම “නීතිය” තුළින් කළ හැකි දෙයක් යැයි තමන් විශ්වාස නොකරන බව ද පවසයි. නමුත්, පුරවැසියන්, ස්වේච්ඡාවෙන් සිතා නව සුසමා දර්ශයකට ඇත-ුලු නොවන්නේ නම්, නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-03 10:24 am
|
Heading |
---|
2024-12-15 7:19 am
|
Heading |
---|
2024-12-13 2:26 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|