Heading
ජාත්‍යන්තර
2025-03-11 11:33 am • Views: 450

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වරෙන්තුවකට පිලිපීනයේ හිටපු ජනාධිපති අත්අඩංගුවට ගනී.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වරෙන්තුවකට පිලිපීනයේ හිටපු ජනාධිපති  අත්අඩංගුවට ගනී. 

පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්රිගෝ දුතාර්තේ අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් නිකුත් කරන ලද වරෙන්තුවකට අනුවයි. 

දුතාර්තේ බලයට පත් වූ සැනින් රට තුළ පැවති මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දැඩි මෙහෙයුමක් දියත් කළ අතර, එහිදී, මනුෂ්‍යත්වයට නිග්‍රහ වන ආකාරයේ ම්ලේච්ඡ ක්‍රියා රැසක් සිද්ධ වී ඇති බවට චෝදනා එල්ල විය. 

වසර හයක සිය පාලන සමය තුළදී හිටපු ජනාධිපති දුතාර්තේගේ නියෝග මත මරාදමා තිබෙන පුද්ගලයන් ගණන හත් දහසද ඉක්මවා ඇතැයි පොලිස් වාර්තා පෙන්නුම් කරයි. 

කෙසේ වෙතත්, එම සංඛ්‍යාව තිස් දහසද ඉක්මවා ඇති බව පිලිපීනයේ මානවහිමිකම් ක්‍රියාධරයෝ පවසති. 

හොංකොං හී සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිවරයා යළි පිලිපීනය වෙත පැමිණි අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න