Heading
ජාත්‍යන්තර
2025-04-08 11:23 am • Views: 1028

"ඇමරිකානු භාණ්ඩ සදහා පැනවූ 34% ක තීරු බද්ද ඉවත්කර නොගත්තොත් චීනයෙන් ගෙන්වන භාණ්ඩ සදහා 104% ක තීරු බද්දක්...!" ට්‍රම්ප් චීනයට අනතුරු හගවයි.

"ඇමරිකානු භාණ්ඩ සදහා පැනවූ 34% ක තීරු බද්ද ඉවත්කර නොගත්තොත් චීනයෙන් ගෙන්වන භාණ්ඩ සදහා 104% ක තීරු බද්දක්...!" ට්‍රම්ප් චීනයට අනතුරු හගවයි.

එක්සත් ජනපදය විසින් චීන ආනයන මත පනවා තිබුණු තීරු බද්දට ප්‍රතිචාර වශයෙන්, අප්‍රේල් 10 වන දා සිට බලපැවැත්වෙන පරිදි, එක්සත් ජනපද සමාගම් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ මත 34% ක තීරු බද්දක් පනවන බව චීනය අප්‍රේල් 4 වන දා නිවේදනය කළේ ය.  

චීනය, තම රටේ නිෂ්පාදන සදහා එකී නව තීරු බද්ද පැනවුවහොත්, දැනට චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සදහා පනවා තිබෙන බද්දට අමතරව, 50% ක තවත් තීරු බද්දක් පනවන බව එක්සත් ජනපදය නිවේදනය කර තිබේ. 

එසේ 50% ක තවත් තීරු බද්දක් චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවුවහොත්, නව බදු සංශෝධන යටතේ එක්සත් ජනපදය විසින් චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සදහා පනවන තීරු බද්ද 104% දක්වා ඉහළ යනු ඇත. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න