Heading
දේශීය
2025-05-20 10:40 am • Views: 636

කීත් නොයාර් පැහැර ගැනීමට සම්බන්ධ ආරක්ෂක අංශ සාමාජිකයන් 12 කට එරෙහිව අධිචෝදනා ගොනු කරන බව නීතිපති දැනුම් දෙයි.

ගෝඨා ආරක්ෂක ලේකම්ව සිටිය දී සිදු වූ බිහිසුණු අපරාධයක්..! කීත් නොයාර් පැහැර ගැනීමට සම්බන්ධ ආරක්ෂක අංශ සාමාජිකයන් 12 කට එරෙහිව අධිචෝදනා ගොනු කරන බව නීතිපති දැනුම් දෙයි. 

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේ සිදු වූ තවත් එක් බිහිසුණු අපරාධයක් වූ, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන යාම සහ ඔහුට වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන්,  හිටපු ආරක්ෂක අංශ සාමාජිකයන් දොළොස් දෙනෙකුට එරෙහිව ලබන සතියේ දී කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

කීත් නොයාර් මහතා පැහැර ගෙන යාම සහ ඔහුට වධහිංසා පැමිණ වීම සිද්ධ වී තිබුණේ 2008 වසරේ දී ය. 

එවකට කීත් නොයාර් මහතා “ද නේෂන්” පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ මෙන්ම එහි ආරක්ෂක තොරතුරු විශ්ලේෂක ලෙසද කටයුතු කළේ ය. ඔහු විසින් එම පුවත්පතට සම්පාදනය කරන ලද “මිලිටරි මැටර්ස්” නමැති ලිපි මාලාව ආන්දෝලනාත්මක ලිපි මාලාවක් ලෙස ප්‍රසිද්ධ ව තිබුණි. 

කීත් නොයාර් පැහැරගෙන යාමට හේතුව වී තිබුනේ ද ඔහු විසින් ලියන ලද මෙම ලිපි මාලාව බවට විශ්වාස කරයි. 

පැහැරගෙන ගිය පිරිස ඔහු ඝාතනය කිරීමට ඔන්න මෙන්න තිබිය දී ඔහුගේ මිතුරන්ගේ මැදිහත් වීම මත කීත් නොයාර් මහතාගේ ජීවිතය ආරක්ෂා විය. 

කුප්‍රකට ට්‍රිපෝලි හමුදා කදවුරට සම්බන්ධ සාමාජිකයන් මෙම පැහැර ගැනීමට සම්බන්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශන වල දී හෙළි වී තිබුණි. 

කීත් නොයාර් පැහැරගෙන ගොස් ඔහු වධ හිංසා පැමිණ විමට සම්බන්ධ ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව අධිචෝදනා ගොනු කරනු ලබන්නේ එම සිදු වීම සිද්ධ වී වසර දහතුනකට පසුව යි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න