“එක්සත් ජනපද ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන්න එපා..!” ප්‍රංශ ජනාධිපති ඉල්ලයි. ප්‍රංශ ජනාධිපති ඉමානුවෙල් මැක්‍රෝන් ඊයේ දිනයේ දී ඉරාන ජනාධිපතිවරයා දුරකථනයෙන් අමතා, එක්සත් ජනපදය විසින් ඉරානයේ න්‍යෂ්ඨික පර්යේෂණාගාර ඉලක්ක කරමින් එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට යාමෙන් වළකින ලෙස ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මැක්‍රොන්ගේ එම ඉල්ලීමට ඉරාන ජනාධිපති සෙසෙක්ෂියන් ප්‍රතිචාර දක්වා ඇත්තේ, “ඇමරිකාව අපට පහර දුන්නා.. එවැනි පහර දීමක් ඔවුන් ඔබට කළා නම් ඔබ කරන්නේ කුමක්ද..?” යනුවෙන් පෙරළා ඔහුගෙන් කිරීමෙනි. ඉරානයට එල්ල කළ පහර දීම වෙනුවෙන් යම් කිසි ප්‍රතිචාරයක් ඇමරිකාවට ලැබිය යුතු බව ඉරාන ජනාධිපතිවරයාගේ අදහසයි. ඕමානයේ මැදිහත් වීමෙන්, එක්සත් ජනපදය සහ ඉරානය අතර යම් සාකච්ඡාවක් සිද්ධ වී ඇති අතර, එහිදී කිසිදු පහර දීමක් සදහා මැදිහත් නොවන බවට එක්සත් ජනපදය ඉරානයට පොරොන්දු වී ඇති බව පැවසේ. ඉරාන ජනාධිපතිවරයා පවසන්නේ ට්‍රම්ප් එම පොරොන්දුව බිද ඇති බවයි. ඉරානය කිසිසේත්ම ආක්‍රමණශීලීත්වය නොඉවසන බව පවසා අති ඉරාන ජනාධිපතිවරයා, ආක්‍රමණශීලීත්වයට සුදුසු ලෙස ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවද පවසා තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-24 2:52 am
|
Heading |
---|
2025-05-30 8:11 am
|
Heading |
---|
2025-05-29 10:55 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|