Heading
දේශපාලන
2025-06-23 1:01 am • Views: 668

එකඟතාවය බින්දේ ඇයි..? නාමල් සජිත්ගෙන් අසයි.

එකඟතාවය බින්දේ ඇයි..? නාමල් සජිත්ගෙන් අසයි. 

හේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා දීමට, සමගි ජන බලවේගය මුලින් එකඟ වී සිටියත්, ඒ එකඟතාව සභාව පිහිටුවීමේ දී කඩකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරයි. 

ඒ අනුව, අදාල කරුණ පිළිබදව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ වන විටත් සජිත් ප්‍රේමදාස මහතාට පැමිණිලිකොට තිබෙන බවද වාර්තා වේ. 

හේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාට සහාය දක්වන බව සමගි ජන බලවේගය පොරොන්දු වී තිබුනද, ඡන්ද විමසීමේ දී පොහොට්ටු පක්ෂ අපේක්ෂකයාට ලැබී ඇත්තේ එම පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු තිදෙනාගේ ඡන්දය පමණි. 

සමගි ජන බලවේගය වෙනම අපෙක්ෂකයෙක් ඉදිරිපත් කර තිබුණු අතර, ඔහු සභාපතිධූරයට පත්ව තිබේ.  




Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න