හසීනා එළවා ශිෂ්‍යයන් ඉල්ලූ නායකයා බන්ග්ලාදේශයට ලැබේ...! නොබෙල් ත්‍යාගලාභී යූනුස් මුහම්මුද් බංග්ලාදේශයේ නව භාරකාර රජයේ ප්‍රධානියා ලෙස අද දිවුරුම් දී තිබේ. අගමැති ෂීක් හසීනාට රටින් පලා යාමට ඉඩ සැලැස් වූ විරෝධතා ව්‍යාපාරය සදහා නායකත්වය දුන් බංග්ලාදේශ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉල්ලීම වී තිබුනේ ද භාරකාර රජයේ ප්‍රධානියා ලෙස යූනුස් මුහම්මුද් පත් කළ යුතු බවයි. බංග්ලාදේශ ව්‍යවස්ථා අනුව එය කළ හැකි දෙයක් නොවී ය. ව්‍යවස්ථාවට අනුව නම්, අග්‍රාමාත්‍ය ධූරයට පත්විය යුත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අයෙකි. විරෝධතා උග්‍ර වී බංග්ලාදේශය අස්ථාවර වෙමින් පවතින අවස්ථාව වන විට මහාචාර්ය යූනුස් මුහම්මුද් ප්‍රංශය බලා පිටත්ව ගොස් තිබුණේය. ඒ, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට බව කියැවුණි. ෂීක් හසීනා රජය මහාචාර්යවරයාට හිරිහැර කර තිබුණු අතර, ජාත්‍යන්තර ප්‍රජාය ඒ සම්බන්ධයෙන් ෂීක් හසීනාගේ පාලනය විවේචනය කර තිබුණි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-09 8:36 am
|
Heading |
---|
2025-04-01 10:56 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|