Heading
ජාත්‍යන්තර
2025-06-24 2:52 am • Views: 901

"සටන් විරාමය නොණ්ඩි ගසන්නේ ඇයි...?

"සටන් විරාමය නොණ්ඩි ගසන්නේ ඇයි...? ගාසා තීරයේ දී සටන් විරාමයට පයින් ගැසූ ඊශ්‍රායලය විශ්වාස කරන්න ඉරානය ඉක්මන් නොවීම හේතුවයි..!" අබාස් අස්ලානී. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කර තිබෙන සටන් විරාමයට ඊශ්‍රායලය සහ ඉරානය මේ වන විට සිය එකඟතාවය නිල වශයෙන් ප්‍රකාශකර තිබුනද, තවමත්, සටන් විරාමය පවතින්නේ නොණ්ඩි ගසමින් යන තත්ත්වයක ය. 

ඊට හේතුව, එකඟවන සටන් විරාමයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාලව, ඊශ්‍රායලය මේ දක්වා පෙන්වා ඇති අපොහොසත් භාවය බව ටෙහෙරානයේ මැදපෙරදිග උපාය මාර්ගික මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු වන අබාස් අස්ලානී, අල් ජසීරා මාධ්‍ය ජාලය සමග පවසයි. 

විශේෂයෙන්ම, හමාස් සංවිධානය සමග ගාසා තීරයේ ඇති වූ සටන්වලදීත් ලෙබනනය සමග ඇති වූ ගැටුම්වලදීත් ඊශ්‍රායලය ඒකපාර්ශ්විකව සටන් විරාම ගිවිසුම් උල්ලංඝණය කර තිබෙන පසුබිමක, පූර්ණ සටන් විරාමයකට යාම සදහා ඉරානය ගන්නා කල්යල් බැලීමේ ප්‍රවේශය තේරුම්ගත හැකි බවයි ඔහු පවසන්නේ. 

සටන් විරාමය උල්ලංඝණය වන ආකාරයේ සිදුවීමක් සිද්ධ නොවන්නේ නම්, කාලයාගේ ඇවෑමෙන්, ඉරානය සටන් විරාමයට අනුගත වනු ඇතැයි තමන් සිතන බවද  අබාස් අස්ලානී පවසයි. 

එමෙන්ම, සති දෙකකට නොඅඩු කාලයක් පුරා පැවති යුද්ධයේ දී ඔවුන් අපේක්ෂා කළ කිසිවක් සපුරා ගැනීමට ඊශ්‍රායලයට හෝ ඇමරිකාවට නොහැකි වී ඇති බවද අබාස් අස්ලානී පවසයි.  

ඊශ්‍රායලය සහ ඇමරිකාව ඉරානයට පහර දුන්නේ ඉරානයේ න්‍යෂ්ඨික වැඩ සටහන විනාශ කිරීමේත්, ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේත් අරමුණ ඇතිවයි. 

අබාස් අස්ලානී පවසන ආකාරයට, ඒ ඉලක්ක දෙකෙක් එකක්වත් ඔවුන්ට සපුරා ගැනීමට නොහැකි වී තිබේ. න්‍යෂ්ඨික පර්යේෂණාගාර වෙත එල්ල වූ ප්‍රහාරය සිදු කර තිබෙන හානිය සුළු පටු නොවන නමුත්, රටේ න්‍යෂ්ඨික වැඩ පිළිවෙල එසේ විනාශ කළ හැකි දෙයක් නොවන බව අබාස් අස්ලානී පවසයි. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න