Heading
ජාත්‍යන්තර
2025-07-02 3:44 am • Views: 245

ෂීක් හසීනාට මාස හයක සිරදඩුවමක්..!

ෂීක් හසීනාට මාස හයක සිරදඩුවමක්..! 

බංග්ලාදේශයේ, ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව, එරට හිටපු අගමැතිනිය වන ෂීක් හසීනාට එරෙහිව මාස හයක සිරදඩුවමක් නියම කර තිබේ. 

ඇයට මෙම සිරදඩුවම නියම කර තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ය. 

ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව යනු, බංග්ලාදේශය විසින් ස්ථාපිත කරන ලද දේශීය අධිකරණයකි. 

එහි අභිලාශය වී තිබෙන්නේ, බංග්ලාදේශ නිදහස් අරගලයේ දී සිදු වූ ජනසංහාරය සහ යුද අපරාධ ආදියට සම්බන්ධ පිරිස් ඉලක්ක කරමින් නඩු පැවරීම යි. 

බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව, සිසු අරගලය මර්දනය කිරීම සදහා අගමැතිනිය බලය අනිසි ලෙස යෙදවීම සම්බන්ධයෙන් නඩු විභාගයක් අරඹා තිබුණු අතර, එම නඩු විභාගය සදහා පෙනීසිටීමට අධිකරණය හමුවට එන ලෙසට ඇයට නියෝග කර තිබුණි. 

කෙසේ වෙතත්, රටින් පලා ගොස් සිටින අගමැතිනිය ඊට සහභාගී නොවූවාය. 

අධිකරණය මග හැර සිටීමෙන් ශීක් හසීනා අධිකරණයට අපහාසයක් කළ බව නියම කරමින් මෙම මාස හයක සිරදඩුවම බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විසින් ශීක් හසීනාට එරෙහිව පනවා තිබේ. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න