Heading
දේශීය
2024-08-12 10:42 am

"බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා..! මත්පැන් මිල අඩුවෙන්නෑ..!" සුරාබදු කොමසාරිස්.

"බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා..! මත්පැන් මිල අඩුවෙන්නෑ..!" සුරාබදු කොමසාරිස්. 


නුදුරේදීම මත්පැන් මිල විශාල අගයකින් පහත දැමීමේ සූදානමක් ඇති බවට පැතිරෙන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සුරාබදු කොමසාරිස ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසයි. 

නීති විරෝධී මත්පැන් භාවිතය අධෛර්යමත් කිරීම සදහා, මත්පැන් මිල අඩු කිරීමට හැකි දැයි තමන් මත්පැන් නිෂ්පාදකයන් සමග සාකච්ඡාවක් පැවැත් වූ බව පවසන සුරාබදු අධ්‍යක්ෂක ජනරාල්වරයා, එම සාකච්ඡා සාර්ථක නොවූ බව ද පවසයි. 

මත්පැන් නිෂ්පාදකයන් මත පනවා ඇති බදු බර අඩු කරන්නේ නම් පමණක් මත්පැන් මිල අඩු කළ හැකි යැයි, නිෂ්පාදකයෝ පවසා තිබේ. 

මත්පැන් මත පනවා ඇති බදු අඩු කළ නොහැකි බව සුරාබදු කොමසාරිස් ජනරාල්, මත්පැන් නිෂ්පාදකයන්ට දැනුම් දී තිබේ. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න