Heading
දේශපාලන
2026-01-06 10:42 am • Views: 49

එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව ආක්‍රමණය කිරීම ශ්‍රී ලංකාව හෙලා දකියි

එක්සත් ජනපදය විසින්
වෙනිසියුලාව ආක්රමණය කිරීම
ශ්රී ලංකාව හෙලා දකියි.
පසුගිය දා එක්සත් ජනපද හමුදා භට පිරිස් බලහත්කාරයෙන් වෙනිසියුලාවට කඩා වැදී තිබුණු අතර, ඔවුන්, එරට ජනාධිපති මධුරෝ සහ ඔහුගේ බිරිද, පැහැර ගැනීමකටද ලක් කළේ ය.
මේ වන විට වෙනිසියුලානු ජනාධිපතිවරයා, අත්අඩංගුවට ගන ලැබූ සිරකරුවකු ලෙස, එක්සත් ජනපදය තුළ සිටියි.
වෙනිසියුලාව තුළ වර්ධනය වෙමින් පවතින මෙම තත්ත්පය පිළිබදව ශ්රී ලංකාව සිය කණස්සල්ල ප්රකාශ කර තිබේ.
මෙම අර්බුදයේ දී, ජාත්යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්රඥප්ති මූලධර්ම මත පිහිටා කටයුතු කිරීම ශ්රී ලංකා රජය අවධාරණය කර සිටියි.
ආරවුල් විසදා ගැනීම සදහා ආක්රමණශීලී නොවන සාමකාමී මාර්ග සොයා ගත යුතු බව ශ්රී ලංකා රජය නිකුත්කර තිබෙන නිවේදනයේ වැඩිදුරටත් සදහන් ය.
අවසානයේ දී, සාමකාමී විසදුමකට එළැඹීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ අනෙකු-ත් සියළු සංවිධාන කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවද ශ්රී ලංකා රජය නිකුත් කර තිබෙන නිවේදනයේ සදහන් ය.
මෙම නිවේදනයට ශ්රී ලංකා රජය වෙනුවෙන් විදේශකටයුත-ු සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා අත්සන් තබා තිබේ.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න