Heading
දේශීය
2026-02-10 12:04 pm • Views: 20

20/20 ලෝක කුසලානය; ඉන්දියාව සමඟ ක්‍රීඩා කරන බව පාකිස්ථානය නිවේදනය කරයි. ජනපති අනුර පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාට ස්තුතිකරයි.

20/20 ලෝක කුසලානය;
ඉන්දියාව සමඟ ක්රීඩා කරන බව
පාකිස්ථානය නිවේදනය කරයි.
ජනපති අනුර පාකිස්ථාන
අග්රාමාත්යවරයාට ස්තුතිකරයි.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා සහභාගී වූව ද ඉන්දියාව සමඟ තරඟ නොවැදීමට ගෙන තිබුණු තීන්දුව වෙනස් කිරීමට පාකිස්ථානය පියවර ගෙන තිබේ.
ඒ අනුව, ලෝක කු-සලාන තරගාවලියේ ඉන්දියාව සමඟ වන තරග සදහා ඉන්දීය කණ්ඩායම සමඟ තරග වැදීමට පාකිස්ථාන රජය සිය ක්රිකට් කණ්ඩායමට අවසර ලබා දී තිබේ.
පාකිස්ථාන රජය ගත් මෙම තීන්දුව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්ථාන අග්රාමාත්යවරයාට සිය ස්තුතිය පළ කරමින් එක්ස් පණිවිඩයක් නිකුත් කර තිබේ.
ත්රස්ත තර්ජන හේතුවෙන් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම පාකිස්ථාන සංචාරයක් අතරමග නතරකර නැවත මව්බිමට පැමිණීමට සූදානම් වූ මොහොතේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත්වී එය වළක්වා තිබුණු අතර, එම තරගාවලිය සැලසුම් කර තිබූ ආකාරයටම පැවැත්වීමට පාකිස්ථානයට හැකි විය.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න