Heading
දේශපාලන
2024-07-05 5:22 am • Views: 53

"මම ලෑස්තියි" ධම්මික පෙරේරා කියයි

"මම
ලෑස්තියි...!"
ධම්මික පෙරේරා කියයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ, මීළඟ ජනාධිපතිවරණය සදහා තරඟ වැදීමට තමන් සූදානම් බව ව්යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.
මාධ්යවේදීන් අමතමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ඒ පිළිබද තීන්දුව ගැනීම පොහොට්ටු පක්ෂයේ වගකීමක් බවයි. එමෙන්ම, ජනාධිපතිවරණය ජය ගැනීම සදහා කළ යුතු මූලික කාර්යයන් සිද්ධ කිරීමට තමන් මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
ඡන්දයෙන් ජය ගැනීමෙන් පසුව, රටේ ආර්ථිකය ගොඩ දමන්නේ කෙසේදැයි, මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයෙකු හෙළිකර නැති බව පවසන ධම්මික පෙරේරා, තමන් ඊට අදාල ප්රතිපත්ති සකස් කොට අවසන් බවද පවසයි.
රට දියුණු කිරීම සදහා තමන් සකස් කර තිබෙන ප්රතිපත්ති ජනතාවට තහවුරු කිරීම දින හැටක කාලයකින් සිදුකළ හැකි බවද ඔහු පවසයි.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න