Heading
දේශපාලන
2024-08-27 2:45 am

“හරි තීරණයක් ගැනීම ඔබේ වගකීමක්..!" ජනපති ජනතාවට කියයි.

“හරි තීරණයක් ගැනීම ඔබේ වගකීමක්..!" ජනපති ජනතාවට කියයි. 

රටේ ආර්ථිකය ගොඩ නැගීමට රජය ආරම්භ කළ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට සහාය වීම ජනතාවගේ වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව අමතමින් ජනාධිපතිවරයා  මේ බව පැවසී ය. 

වාසනාවට මෙන් ප්‍රධාන හේතු දෙකක් මත, ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කර ගැනීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ඉන් එක් හේතුවක් වන්නේ, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ වැඩපිළිවෙලේ දී මහබැංකු අධිපතිවරයා ඇතුළු ශක්තිමත් කණ්ඩායමක සහයෝගය තමන්ට ලැබීම බව  පවසන ජනාධිපතිවරයා, දෙවන හේතු-ව වන්නේ, අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගනිමින්, අවශ්‍ය තීරණ අවශ්‍ය මොහොතේ දී ගැනීම බව අවධාරණය කරයි. 

තිරසර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණි එකඟතා අනුව කටයුතු කළ යුතුව ඇතැයි පවසන ජනාධිපතිවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීම කිසිසේත්ම පහසු නොවුණු බවද පවසයි. ඒ සදහා, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර ණය හිමියන් ඇතුළු බොහෝ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට සිදු වූ බව ජනාධිපතිවරයා පවසයි. 

ඇතැමුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුමෙන් ඉවත්විය යුතු යැයි යෝජනා කර තිබෙන නමුත්, එය කිසිසේත්ම ඥාණාන්විත ක්‍රියාවක් නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. 
ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කළ හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන මෙම එකගතාවය අනුව පමණක් බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න