Heading
දේශපාලන
2024-08-27 3:46 am

"අයි.එම්.එෆ් සමඟ විවෘත සාකච්ඡාවට සූදානම්..!" සජිත්, ජනපතිගේ අභියෝගය භාර ගනියි.

"අයි.එම්.එෆ් සමඟ විවෘත සාකච්ඡාවට සූදානම්..!" සජිත්, ජනපතිගේ අභියෝගය භාර ගනියි. 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය පැමිණ තිබෙන එකඟතා සංශෝධනය කිරීමට තමන්ගේ පාලනයක දී කටයුතු කරන බව, සමගි ජන බලවේගය මැතිවරණ පොරොන්දුවක් ලෙස ප්‍රකාශ කර තිබේ.

සමගි ජන බලවේගයට අමතරව, ජාතික ජනබලවේගයද සිටින්නේ එම ස්ථාවරයේ ය. 

ඔවුන්ගේ එම ස්ථාවරයන් විවේචනය කළ ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා, පසුගිය දිනෙක ඔවුන් දෙදෙනා වෙත අභියෝගයක් එල්ල කළේය. 

අභියෝගය වූවේ, හැකිනම්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විවෘත වීඩියෝ සාකච්ඡාවකට තමන් සමඟ සහභාගී වන ලෙස ය. 

ජනාධිපතිවරයාගේ එම අභියෝගය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා භාරගෙන තිබේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි බව පවසමින්, ජනාධිපතිවරයා රටේ මහජනතාව පීඩාවට පත් කරමින් සිටින බව පවසන විපක්ෂනායකවරයා, ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ජනාධිපතිවරයා පවසන ආකාරයේ විවෘත සාකච්ඡාවකට තමන් සූදානම් බව නිවේදනය කර තිබේ. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න