Heading
දේශපාලන
2024-08-28 9:39 am

"ජනාධිපතිවරණය ආසන්නයේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බව කීම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක්..!" ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්.

"ජනාධිපතිවරණය ආසන්නයේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බව කීම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක්..!" ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්. 


මැතිවරණයක් අත ළගටම ඇවිත් තිබෙන අවස්ථාවක, වැටුප් වැඩි කිරීම් සහ සහනාධාර ලබා දීම් පිළිබදව විවිධ නිවේදන වරින් වර ප්‍රකාශ කිරීමට රජය කටයුතු කිරීම, මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. 


රාජ්‍ය සේවක වැටුප 24% ත් 35% ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමන බව රජය පසුගිය දා නිවේදනය කළේ ය. ඊට අමතරව, ලක්ෂ පහළොවක් පමණ වන රාජ්‍ය සේවකයන්ට 2025 ජනවාරි මාසයේ සිට රුපියල් 25,000 ක් සහ විශ්‍රාමිකයන් සදහා රුපියල් 12,000 ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බවටත් රජය පොරොන්දු වී තිබේ. 

ඉන් නොනැවතී, ධීවරයන් සදහා ඉන්ධන දීමනාවක් ලබා දීමටත්, තේ වගාකරුවන් සදහා පොහොර සහනාධාරයක් ලබා දීමටත්, වතුසේවක වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමීමටත්  කටයුතු- කරන බව රජය පවසයි. 

රජය මේ ආකාරයට පොරොන්දු වී තිබෙන වැටුප් සහ දීමනා ඉහළ දැමීමටත්, සහනාධාර ලබා දීමටත් මුදල් උපයා ගනු ලබන්නේ කෙසේද යන්න පිළිබදව රජය පැහැදිලි කිරීමක් කර නැත. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න