Heading
දේශපාලන
2024-08-29 10:47 am

“බෑමයි කියපු උපයන විට බද්ධ සංශෝධනය කරන්න දැන් පුලුවන්ලු..!ඕක කරන්න කියලා අපි කිව්වේ ගිය අවුරුද්දේ ඉදන්..!”හර්ෂ ද සිල්වා.

“බෑමයි කියපු උපයන විට බද්ධ සංශෝධනය කරන්න දැන් පුලුවන්ලු..!ඕක කරන්න කියලා අපි කිව්වේ ගිය අවුරුද්දේ ඉදන්..!”හර්ෂ ද සිල්වා. 


උපයනවිට බද්ධ අඩු කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශ කලේ ය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණ තිබෙන එකගතා වෙනස් කළ නොහැකි බව දැඩිව අවධාරණය කරමින් සිටින ජනාධිපතිවරයාම, දැන්, ගිවිසුම සංශෝධනය කිරීමට සූදානම් යැයි ප්‍රකාශ කිරීම සරදමට ලක් කරමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එම පක්ෂයේ ආර්ථික කමිටු සාමාජික හර්ෂද සිල්වා මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. 

මන්ත්‍රීවරයා පවසන්නේ, උපයනවිට බද්ධ සංශෝධනය කළ යුතු බව තමන් 2023 වසරේ සිට ප්‍රකාශ කරමින් සිටින බවයි. 

එසේම, ජනතා විමුක්ති පෙරමුණ මෙන් නිදහස් බදු සීමාව දෙගුණ කිරීම හෝ ඉහළම ආන්තික බදු අනුපාත අඩු කිරීම හෝ වැනි ඉටු කළ නොහැකි බොරු පොරොන්දු ලබා දීමට තම පක්ෂය සූදානම් නැති බවවස හර්ෂද සිල්වා, උපයන විට බද්ධ සංශෝධනය කිරීමට තමන් දැනටමත් පොරොන්දු වී ඇති බවද අවධාරණය කරයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න