Heading
දේශපාලන
2024-09-13 1:08 am

"ජනතාව තෝරා පත්කර ගන්නා නව රජය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉදිරියට ගෙන යාමට අපි සූදානම්..!" ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

"ජනතාව තෝරා පත්කර ගන්නා නව රජය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉදිරියට ගෙන යාමට අපි සූදානම්..!" ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි. 

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනතාව තෝරා පත්කර ගන්නා නව නායකත්වය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට තමන් සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජූලි කොසෑක් මේ බව පවසා තිබුණි. එහිදී ඈ වැඩි දුරටත් පවසා තිබුණේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව යන ගමනෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි. නමුත්, අර්බුදය අවසන් බව ඉන් අදහස් නොවන බවද ඈ අවධාරණය කරයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය, මැතිවරණයෙන් පසුව අළුතින් පත්වන නව රජය සමග සිදු කිරීමට එම ආයතනය සූදානම් බවද ජූලී කොසැක් පවසා තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න