Heading
දේශපාලන
2024-09-15 8:34 am

"බැංකු පොතේ කීයක් තියෙනවාද කියලා හෙළි නොකරන්නේ නම්, වත්කම් හෙළි කිරීමේ තේරුම කුමක්ද...?" ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්.

"බැංකු පොතේ කීයක් තියෙනවාද කියලා හෙළි නොකරන්නේ නම්, වත්කම් හෙළි කිරීමේ තේරුම කුමක්ද...?" ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්. 


වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට බැදී සිටින පුද්ගලයන් සිය දෙනෙකුගේ පමණ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කර තිබේ. 

එම සිය දෙනා අතරට ජනාධිපතිවරයාද ඇතුළුව ඉහළ නිළධාරීන් ඇතුළත් ය. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබී තිබෙන එම වත්කම් බැරකම් ප්‍රකාශ ඔවුන් සිය නිල වෙබ් අඩවිය තුළ ප්‍රකාශයට පත් කර තිබේ. 

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මෙම පියවර සාදරයෙන් පිළිගන්නා බව පවසයි. 

නමුත්, වත්කම් බැරකම් ප්‍රකාශ සැබැවින්ම හෙළි කළ යුතු නම් ලබා දිය යුතුව තිබෙන තොරතුරු රැසක් සගවා තැබීම පිළිබදව ඔවුන් සිය දැඩි කණස්සල්ල ද ප්‍රකාශ කරයි. 

සගවා ඇති තොරතුරු අතර, බැංකු ගිණුම්වල ශේෂ ඇතුළුව ඊට අදාල විස්තර ඇතුළත් ය. 

එම තොරතුරු ලබා නොදෙන තත්ත්වයක් තුළ වත්කම් බැරකම් හෙළි දරව් කිරීම සැබැවින්ම, ඉන් අපේක්ෂා කළ අරමුණ ඉටු නොකරන බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් චෝදනා කරයි. 

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනා ද වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු බව ඊට අදාලව සම්මත කරගන්නා ලද පනතේ ඇතුළත් ය. නමුත්, තවමත් ඉන් 90 දෙනෙකු පමණ ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට ලබා දී නැත. 

ඉහළ නිළධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මහජනතාවට ප්‍රවේශ විය හැකි පොදු වේදිකාවක හෙළි කළ යුතු බවට වූ කොන්දේසිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා රජයට පනවා තිබෙන දැඩි කොන්දේසියකි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න