Heading
දේශපාලන
2024-09-15 3:00 am

"තාජුඩීන් ඝාතනය, ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම, කප්පම් ගැනීමට පැහැරගත් පාසල් සිසුන් 11 දෙනාට මොකද වුනේ...?මේ සියලු පරීක්ෂණ යළි ආරම්භ කරනවා." අනුර කියයි.

"තාජුඩීන් ඝාතනය, ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම, කප්පම් ගැනීමට පැහැරගත් පාසල් සිසුන් 11 දෙනාට මොකද වුනේ...?මේ සියලු පරීක්ෂණ යළි ආරම්භ කරනවා." අනුර කියයි. 


ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසුව, තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සහ කප්පම් ලබා ගැනීම සදහා පැහැරගත් සිසුන් 11 දෙනාගේ අතුරුදන් වීම ඇතුළුව සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ, තවමත් නොවිසදී පවතින බිහිසුණු අපරාධ පිළිබදව යළි විමර්ශන අරඹන බව අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

මෙම සෑම අපරාධයක් සම්බන්ධයෙන්ම වරින් වර විමර්ශන අරඹා තිබුණු අතර, දේශපාලන බලාධිකාරයේ මැදිහත් වීම මත එම එම විමර්ශන අවසානයක් කරා ගෙන යාමට එකී විමර්ශන භාරව සිටි නිළධාරීන්ට නොහැකි විය. 

මෙම අපරාධ පිළිබදව මෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබදව ද විමර්ශන අවසානයක් කරා ගෙන යාමට බලාපොරොත්තු වන බව අනුර දිසානායක පවසා තිබේ. 

සිරස නාලිකාව ඔස්සේ විකාශය වූ සටන් දේශපාලන සංවාදයට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසී ය.  

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න