Heading
ජාත්‍යන්තර
2024-07-22 2:35 am

ජෝ බයිඩ්න් ජනාධිපතිවරණ සටනින් ඉවත් වේ. කමලා හැරිස් වඩාත් සුදුසු බව පවසයි.

ජනාධිපතිවරණ සටනින් තමන් ඉවත්වන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් ඊයේ දිනයේ දී ප්‍රකාශ කළේ ය. 

ඒ, බොහෝ පාර්ශ්ව, ජනාධිපතිවරණ සටනින් ඉවත්වන ලෙස ඔහුට බලපෑම් කරමින් තිබුණු පසුබිමක දී ය. 

ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති විවාදයේ දී ජනාධිපති බයිඩ්න් ඊට මුහුණ දුන් ආකාරය ඔහු පිළිබදව පැවති විශ්වාසය පළුදුවීමට මූලිකම හේතුව වී තිබුණි. 

බයිඩ්න්, ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල කළ පදනම් විරහිත චෝදනාවන්ට පවා නිසි ලෙස පිළිතුරු නොදුන් බවට විවේචන එල්ල විය. 

තමන් මීළග ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවන බව පවසා තිබෙන ජෝ බයිඩ්න්, දැනට එක්සත් ජනපදයේ උප ජනාධිපති ධූරය දරන කමලා හැරිස්, ට්‍රම්ප් සමග වූ සටනට වඩාත්ම සුදුසු අපේක්ෂිකාව ලෙස නම් කරයි. 

එමෙන්ම ඔහු කමලා හැරිස් ජනාධිපතිධූරය සදහා පත් කර ගැනීමට සියළු ඇමරිකානුවන්ගේ සහයෝගයද ඉල්ලා සිටියි.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න