Heading
දේශපාලන
2024-10-18 8:43 am

"තරුණ දේශපාලනඥයාගේ ඩොලර් බිලියනයක ඩුබායි බැංකු ගිනුමක වාර්තාවක් මම මගේ ඇස් දෙකෙන් දැක්කා..!" හිටපු ජනපතිනිය කියයි.

"තරුණ දේශපාලනඥයාගේ ඩොලර් බිලියනයක ඩුබායි බැංකු ගිනුමක වාර්තාවක් මම මගේ ඇස් දෙකෙන් දැක්කා..!" හිටපු ජනපතිනිය කියයි. 


රාජපක්ෂ පාලන සමයේ, එම පාලනයට සම්බන්ධව සිටි සමීපතමයන්, ඔවුන් විසින් සොරා ගන්නා ලද මහජන මුදල් ඩොලර් බිලියන ගණනින් විදෙස් රටවල රහස්‍ය බැංකු ගිනුම් තුළ සඟවා ඇති බවට වන විශ්වාසයක් පොදුවේ මෙරට වැසියන් තුළ පවතී. 

ජනතාව තුළ පවතින මෙම විශ්වාසය තහවුරු කරන ප්‍රකාශයක්, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින්ද පසුගිය දා ප්‍රසිද්ධ වේදිකාව දී ප්‍රකාශ කර තිබේ. 

ඇය පවසා ඇති ආකාරයට, ආන්දෝලනාත්මක තරුණ දේශපාලනඥයෙකුගේ ඩොලර් මිලියන දහසක - එනම් ඩොලර් බිලියනයක  බැංකු ගිනුමක් ඈ සිය දෑසින් දැක තිබේ. 

මෙම ගිනුම පවතින්නේ ඩුබායි රාජ්‍යයේ බව ඈ වැඩි දුරටත් පවසයි. 

කෙසේ වෙතත්, ඔරිජිනල් ඩොක්‍යුමන්ට්ස් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවින්, මෙම තරුණ දේශපාලනඥයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ඈ වැඩි දුරටත් පවසයි. 

වරලත් ගණකාධීවරුන්ගේ 45 වන සමුළුවට සහභාගී වෙමින් ඈ මෙම අනාවරණයන් සිදු කර තිබේ. 

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වී සිටි අතර, ඔහු පවසා සිටියේ, අදාල තරුණ දේශපාලනඥයාගේ බැංකු ගිනුම් පිළිබද විස්තර ලබා ගැනීමට 2015 යහපාලන රජයේ දී, පොලිස් නිළධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහ අල්ලස් කොමිසමේ නිළධාරීන් ඇතුළත් වූ විශේෂ දූත කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගියත්, කිසිදු ගිනුමක් පිළිබදව කිසිදු තොරතුරක් සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වූ බවයි. 

ඩුබායි හි අදාල බැංකුවෙන් තොරතුරු ඉල්ලා සිටියද, අධිකරණ නියෝගයක් නොමැතිව, කිසිදු තොරතුරක් හෙළි කළ නොහැකි බව එම බැංකුව පවසා තිබුණු බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබුණි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න