
“විමර්ශන කරගෙන යන්න සී.අයි.ඩීයට ඉඩ දෙන්න..! දේශපාලන වාසි ගන්න මැද්දට පනින්න එපා..!” සිරිල්ගාමිණී පියතුමා ගම්මන්පිලට කියයි.  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වාර්තා වැඩ සටහනෙන් ඉදිරිපත් කර තිබුණු චෝදනා පිළිබදව විමර්ශනය කිරීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රීපුද්ගල කමිටුවක් පත් කර තිබුණි.  එම කමිටුවේ සභාපති වූවේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතා ය.  මෙම කමිටුව විසින් චැනල් ෆෝ චෝදනා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාල වාර්තාව මේ දක්වා ප්‍රසිද්ධියට පත් ව නැත.  මෙම වාර්තාව අතුරුදන්ව ඇති බවට දැන ගන්නට ඇතැයි පාර්ශ්ව කිහිපයක් නව රජය බලයට පත් වීමෙන් පසුව චෝදනා කළේ ය.  මෙම ඉමාම් වාර්තාවද ඇතුළුව, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාල රහස්‍ය වාර්තා කිහිපයක්, අතිශය රහස්‍ය ඇමුණුම් ද සමගින් තමන් සතු- බව උදය ගම්මන්පිල පසුගියදා පවසා සිටියේ ය.  නව රජය එකී වාර්තා ජනගත නොකරන්නේ නම්, දින හතක් තුළ තමන් එම වාර්තා හෙළි කරන බවද උදය ගම්මන්පිල පැවසී ය.  මේ සම්බන්ධයෙන් “ද අයිලන්ඩ්” පුවත් පත කාදිලන් හිමියන්ගේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක වන සිරිල් ගාමිණී පියතුමාගෙන් ද විමසා තිබේ.  ඊට ප්‍රතිචාර වශයෙන්, “පාස්කු ඛේදවාචකයෙන් දේශපාලන වාසි ගැනීමට නොයන්නැයි,” සිරිල් ගාමිණී පියතුමා ගම්මන්පිලගෙන් ඉල්ලා තිබේ.  එමෙන්ම, පාස්කු ප්‍රහාරයට අදලාව විමර්ශන කමිටුවක් පත් කරන ලෙස කතෝලික සභාව හිටපු ජනාධිපතිවරයාගෙන් කිසිම අවස්ථාවක ඉල්ලා නැති බවද සිරිල් ගාමිණී පියතුමා පවසයි.  එබැවින්ම, ගම්මන්පිල ප්‍රසිද්ධියට පත් කිරීමට යන වාර්තාව සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් කතෝලික සභාවට නැති බවද ඔහු පවසයි.  ඊට අමතරව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන කටයුතු කරගෙන යාමට ඉඩ දී, මැද්දට පැන බාධා නොකරන ලෙසද සිරිල් ගාමිණී පියතුමා ගම්මන්පිලගෙන් ඉල්ලා තිබේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-10-13 8:40 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-08-22 8:03 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-08-20 9:27 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-07-26 2:21 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |