Heading
දේශපාලන
2024-10-24 9:13 am • Views: 28

“ගිය රජයේ මං හිටියා වගේ, මේ රජයත් ජාතික ආරක්ෂක උපදේශකවරයෙක් පත් කළ යුතුයි..!” සාගල රත්නායක.

“ගිය රජයේ මං හිටියා වගේ, මේ රජයත් ජාතික ආරක්ෂක උපදේශකවරයෙක් පත් කළ යුතුයි..!” සාගල රත්නායක.

රජය වහාම ජාතික ආරක්ෂක උපදේශකවරයෙකු පත් කළ යුතු යැයි, පසුගිය රජයේ ජාතික ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කළ සාගල රත්නායක මහතා පවසයි. 

ඔහු මේ බව පවසා සිටියේ, ආරුගම්බේ සංචාරක කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මෙරට සහ විදෙස් බුද්ධි සේවා තහවුරු කිරීමෙන් පසුව රට තුළ ඇතිව ඇති තත්ත්වය පිළිබදව අවධානය යොමු කරමිනි. 

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇති බවට ආ ප්‍රවෘත්තිය, මෙරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයි පවසන සාගල රත්නායක මහතා, මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට රජය වගබලාගතයුතු බවද අවධාරණය කරයි. 

පසුගිය රනිල් රාජපක්ෂ රජය, වෙනත් රටවල් සමග එක් වී බුද්ධි තොරතුරු බෙදා ගැනීමේ ජාලයක් පවත්වාගෙන ගිය බවත්, එම ජාලය හරහා තීරණාත්මක තොරතුරු හුවමාරු කර ගනිමින් ජාතික ආරක්ෂාව තහවුරු කළ බවත් ඔහු පවසයි. 

එබැවින් එම වකවානුව තුළ ත්‍රස්ත තර්ජනයක් එල්ල නොවුන බව පවසන සාගල රත්නායක මහතා,  වත්මන් රජයද එසේ කටයුතු කර  තිබුනා නම් මෙවැනි තර්ජනයක්  රටට එල්ල නොවන බවත් පවසයි. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න