Heading
දේශපාලන
2024-10-24 1:12 am • Views: 28

ප්‍රකාශය ලබා දී නාමල් පිටව යයි..!

ප්‍රකාශය ලබා දී නාමල් පිටව යයි..! 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැදවීමකට අනුව එහි පැමිණි නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා මීට මොහොතකට පෙර ඉන් පිටව ගියේ ය. 

තමන් කැදවා ඇත්තේ ඇයිදැයි තමන් නොදන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට පිවිසීමට පෙර පැවසූ මන්ත්‍රීවරයා, ඉන් පිටත්ව ගියේ ද කැදවීමට හේතුව පැහැදිලි ලෙස මාධ්‍යවේදීන්ට ඉදිරිපත් නොකරමිනි. 

හිටපු මන්ත්‍රීවරයා පැවසූ ආකාරයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කැදවා ඇත්තේ, 2010-2015 අතර කාලයේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමටයි.  

කිසියම් පුද්ගලයෙකු ඔහුගේ කාමරයේ කිසියම් මුදලක් තබා ගොස් ඇති බවට වන නිර්නාමික පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ. 

ඒ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු-වේ නිළධාරීන් අද නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර තිබේ. 

එවැනි සිදුවීමක් ගැන නොදන්නා බව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවසුවේ යැයි හිටපු මන්ත්‍රීවරයා පවසයි. 

මීට වඩා විස්තරයක් දැනගත හැක්කේ ඒ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමෙන්ම පමණි යැයි ද, නාමල්, මාධ්‍යවේදීන්ට පැවසී ය. 


Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න