“මේ ත්‍රස්ත තර්ජනයත් රනිල් අටවලා ගිය තව උගුලක්..!” පුබුදු ජයගොඩ. මේ හේතුවෙන් ලබන වසරේ දී ් සංචාරක කර්මාන්තයෙන් ඉපැයීමට අපේක්ෂා කරන ලද ඩොලර් බිලියන තු-නක ආදායම අහිමි වීමේ අවදානමක් ද නිර්මාණය වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස නැවත රට අස්ථාවර විය හැකි හැකි අතර, එසේ වුවහොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුද, එක්සත් ජනපද සහ ඊශ්‍රායල රහස් ඔත්ත-ු සේවා, ක්‍රියාත්මක වී නැවත මේ රට ඔවුන්ගේ න්‍යාය පත්‍රයකට යටත් කිරීමේ අවදානමක්ද ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි. රටේ ආරක්ෂාව තහවුරු කළ බව රජය නිවේදනය කර පමණින් සියල්ල යථා තත්ත්වයට පත් වී නැවත සංචාරකයන් සුපුරුදු ලෙස දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව පවසන පුබුදු ජයගොඩ මහතා, මේ සියල්ල රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් අටවා ගිය උගුලක් බවටද චෝදනා කරයි. “යන්ඩ කලින් රනිල් ගොඩක් උගුල් අටවලා ගියා.. අයි.එම්.එෆ් උගුල ඇටෙව්වා. ඒ අයි.එම්.එෆ් උගුල අස්සේ, 2028 දී පුපුරන්න කාල බෝම්බයකුත් ඇටෙව්වා. ඒ වගේම, යුද සංචාරක කර්මාන්තයක් පටන් අරගෙන, සියොන්වාදී (ඊශ්‍රායල ජාතික) සොල්දාදුවෝ ලංකාවට ගෙනත්, ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ප්‍රකෝපකාරී ක්‍රියා සිදු කොට තවත් බිහිසුණු උගුලකුත් රනිල් ඇටෙව්වා. ,” පුබුදු ජයගොඩ මහතා පවසයි. එසේම, රනිල් අටවලා ගිය උගුල්වල නොවැටෙන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද පුබුදු ජයගොඩ පවසයි.
එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක්, ඔවුන්ගේ පුරවැසියන්ට ලංකාව සම්බන්ධයෙන් අවධානම් නිවේදන නිකුත් කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-12 11:55 am
|
Heading |
---|
2024-12-10 4:22 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|