Heading
දේශපාලන
2024-10-31 12:31 pm • Views: 40

"මගේ වරප්‍රසාද ඉවත් කරන්න.. ඒත් චන්ද්‍රිකාගෙයි මහින්දගෙයි වරප්‍රසාදනම් ඉවත් කරන්න එපා..!" රනිල් ඉල්ලයි.

"මගේ වරප්‍රසාද ඉවත් කරන්න.. ඒත් චන්ද්‍රිකාගෙයි මහින්දගෙයි වරප්‍රසාදනම් ඉවත් කරන්න එපා..!" රනිල් ඉල්ලයි. 

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට නව රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරයි. 

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සැමියා ඝාතනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ බව පවසන රනිල් වික්‍රමසිංහ, ඇගේ එක් ඇසක් ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකින් ඇයට අහිමි වූ බවද පවසයි. 

මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති හිටපු ජනාධිපතිවරයා, මහින්දගේ ජනප්‍රියත්වය අහෝසි වී යාම වෙනම කාරණයක් බවත්, ඔහු යුද්ධය අවසන් කළ ජනාධිපතිවරයා බව අමතක නොකළ යුතු බවත් පවසයි.

අවසාන වශයෙන් තමන්ට ලබා දී තිබෙන සියළු වරප්‍රසාද ඉවත් කරත්, චන්ද්‍රිකාට සහ මහින්දට ලබා දී තිබෙන වරප්‍රසාද ඉවත් නොකරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 


Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න