Heading
දේශපාලන
2024-11-08 9:09 am • Views: 88

“රනිල්ගේ මිනිස්සු මෙතන ඉන්නකල් පාස්පෝර්ට් අර්බුදය විසදන්න බෑ.” ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය.

“රනිල්ගේ මිනිස්සු මෙතන ඉන්නකල් පාස්පෝර්ට් අර්බුදය විසදන්න බෑ.” ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය. 

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් දේශපාලන හිතවත්කම මත ආගමන විගමන දෙපාර්තමේන්තුවට පත් කරන ලද ජ්‍යේෂ්ඨ නිළධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම වත්මන් පාස්පෝර්ට් අර්බුදයට ප්‍රධානම හේතු-ව යැයි, ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය පවසයි. 

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මෙම චෝදනාව ඉදිරිපත් කර තිබේ. 

චෝදනා එල්ල වී තිබෙන ජ්‍යේෂ්ඨ නිළධාරීන්, වත්මන් විෂය භාර අමාත්‍යවරයා වන විජිත හේරත්ට පාස්පෝර්ට් අර්බුදයේ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු වසං කරන බවට එම සංගමය චෝදනා කරයි. 

පාස්පෝර්ට් සදහා ඇතිවිය හැකි ඉල්ලුම සම්බන්ධයෙන් නිවැරදි පුරෝකථනයකට යාමට එම ආයතනය සදහා පත් කළ චෝදනා ලත් මෙම නිළධාරීන් අසමත් ව ඇති බව ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය එල්ල කරන එක් ප්‍රධාන චෝදනාවකි. 

එමෙන්ම පාස්පෝර්ට් මුද්රණය සදහා ටෙන්ඩරය ලබා දුන් සමාගමේ ශක්‍යතාවය පිළිබදව නිවැරදි තක්සේරුවක් බළධාරීන්ට නොතිබුණු බව පෙනී යන්නේ යැයි ඔවුන් නිකුත් කර තිබෙන නිවේදනයෙන් සංගමය පවසයි. 



Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න