සිලින්ඩරේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය නම් කිරීම අඩුම වශයෙන් තව මාස තුනක්වත් යාවි..! පත් කළත් පත් කරන්නේ යූ.ඇන්.පී කාරයෙක්..! නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන්, දැනට පුරප්පාඩු වී පවතින මන්ත්‍රී ධූරය පිරවීම තවත් මාස තුනකටවත් සිදු නොවන බව එම පෙරමුණේ ප්රබලයෙකු උපුටා දක්වමින්, සති අන්ත මව්බිම පුවත්පත වාර්තා කරයි. නව ප්‍රජාත්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් රවී කරුණානායක මහතා මේ වන විටත් බලහත්කාරයෙන් මෙන් අරගෙන තිබේ. ඉතිරිවී තිබෙන අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ඔවුන්ට ලබා දෙන ලෙස, කාන්චන විජේසේකර, නිමල් ලාන්සා, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, දුමින්ද දිසානායක සහ ගාමිණී ලොකුගේ ඇතුළු කිහිප දෙනෙකුම ඉල්ලා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, පුවත්පත වා්තාකරන ආකාරයට, ඔවුන් කිසිවෙකුට එම මන්ත්‍රී ධූරය හිමි නොවනු ඇත. ඉතිරිව තිබෙන ජාතික ලයිස්තු මන්ත්රීධූරයටද එජාප ප්රබලයෙකු පත් කිරීමට නියමිත බව වාර්තා කරන සති අන්ත මව්බිම පුවත්පත, බොහෝ දුරට එසේ පත් කිරීමට නියමිතව ඇත්තේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාම වීමේ ඉඩක් පවතින බවද ප්‍රකාශ කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-12 11:55 am
|
Heading |
---|
2024-12-10 4:22 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|