Heading
දේශපාලන
2024-12-09 4:23 am • Views: 974

"බලයේ සිටියානම්, සෑම වසරකම අළුතින් සුරාබදු බලපත්‍ර 250-300 ක් ලබා දී ඉන් ලැබෙන ආදායමෙන් 25% ක් අමද්‍යප ව්‍යාපාරයට යෙදවීමට හිතාගෙන හිටියා..!" හිටපු ජනපති රනිල් කියයි.

"බලයේ සිටියානම්, සෑම වසරකම අළුතින් සුරාබදු බලපත්‍ර  250-300 ක් ලබා දී ඉන් ලැබෙන ආදායමෙන් 25% ක් අමද්‍යප ව්‍යාපාරයට යෙදවීමට හිතාගෙන හිටියා..!" හිටපු ජනපති රනිල් කියයි. 

පැවති රජය දේශපාලන හිතවත්කම් මත සුරාබදු බලපත්‍ර (මත්පැන් නිෂ්පාදනය කිරීමේ බලපත්‍ර ) සහ මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ලබා දී ඇති බවට එල්ල වන චෝදනාව හිටපු ජනාධිපත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කරයි. 

සියලු සුරාබදු බලපත්‍ර සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති රීති හා නියමිත ක්‍රමවේදයට අනුව නිකුත් කර ඇති බව පවසන හිටපු ජනාධිපතිවරයා, ඉන් රජය උපයා ඇති ආදායම රුපියල් බිලියන 3.1 ක් බවද අවධාරණය කරයි. 

තමන් පාලන බලයේ සිටියානම්, 2025 වසරේදී නිශ්චිත ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් සුරාබදු බලපත්‍ර 250 - 300 අතර ප්‍රමාණයක් රුපියල් මිලියන 25 ක අවම ලංසුවක් යටතේ වෙන්දේසි කර, ඉන් ලැබෙන ආදායමෙන් 25% ක් වෙන් කර අරමුදලක් පිහිටුවීමටත්, එම අරමුදල අමද්‍යප ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට යොදා ගැනීමට සිතා සිටි බවත් හිටපු ජනාධිපතිවරයා පවසයි. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න