යෝෂිතට එරෙහිව තව නඩුවක් මඟ එන බව නීතිපති අද අධිකරණයට කියයි. රත්මලාන, සිරිමල් උයනෙන් ලක්ෂ 340 ක පමණ වටිනාකමකින් යුතු ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන්, මුදල් විශුද්ධිකරණ පනත යටතේ, යෝෂිත රාජපක්ෂට එරෙහිව පරවා තිබුණු නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ දී, මුදල් විශුද්ධිකරණ පනත යටතේම යෝෂිත රාජපක්ෂට එරෙහිව තවත් නඩුවක් නුදුරේ දී ම පවරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ. 2016 වසරේ වැඩ තහනමට ලක්වන තෙක්, යෝෂිත රාජපක්ස, සැරයන්වරයෙකු ලෙස 2006 වසරේ සිට වසර දහයක් නාවික හමුදාවේ සේවය කර තිබේ. ඔහුට ඇති එකම ආදායම් මාර්ගය නාවික හමුදා සැරයන්වරයෙකු ලෙස ලබන වැටුප පමණක් වී තිබිය දී, යෝෂිත රාජපක්ෂ, 2013 වසරේ දී ලක්ෂ පන්සියයකට වඩා වැඩි වටිනාකමකින් යුතු තවත් ඉඩමක් මිල දී ගෙන තිබේ. එමෙන්ම, ඔහු, සී.එස්.එන් නාලිකාවද මිලදී ගෙන තිබේ. ඊට අදාල වත්කම් උපයාගත් ආකාරය මෙතෙක් යෝෂිත රාජපක්ෂ නිසිලෙස හෙළිදරව් කර නොමැති බැවින්, මුදල් විශුද්ධකරණ පනත යටතේ නුදුරේදීම තවත් නඩුවක් ඔහුට එරෙහිව පවරන බව නීතිපති දෙපාර්තමේන්තු අද අධිකරණයට දැනුම් දී තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-29 8:34 am
|
Heading |
---|
2025-01-16 10:14 am
|
Heading |
---|
2025-01-15 10:34 am
|
Heading |
---|
2025-01-03 10:24 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|