Heading
දේශපාලන
2024-07-04 2:19 am

පෙත්සමට ජනාධිපතිගේ සම්බන්ධයක් නෑ, එතුමාගේ අදහසත් ධූරකාලය වසර පහක් බවයි

පෙත්සමට
ජනාධිපතිගේ සම්බන්ධයක් නෑ..!
එතුමාගේ අදහසත්
ධූරකාලය වසර පහක් බවයි..!
ජනාධිපති මාධ්ය ඒකකය.
ජනාධිපතිවරයාගේ දූර කාලය සම්බන්ධයෙන් පැහැදිලි මතයක් ප්රකාශ කරන ලෙසත්, එතෙක් ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරීම වළක්වන ලෙසත් ඉල්ලමින්, ඊයේ දිනයේ දී ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් විය.
මෙම පෙත්සම මේ වන විටත් රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.
බොහෝ පාර්ශ්ව චෝදනා කළේ, මෙය ජනාධිපතිවරණය කල් දැමීම සදහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දියත්ව තිබෙන කුමන්ත්රණයකම කොටසක් බවයි.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ දූර කාලය පිළිබදව ශ්රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සමඟ ජනාධිපතිවරයාට කිසිදු සම්බන්ධයක් නැති ජනාධිපති මාධ්ය ඒකකය පවසයි.
පෙත්සම්කරු එකී පෙත්සම ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිවරයාගෙන් හෝ ජනාධිපතිවරයාට සම්බන්ධ නීතීඥයන්ගෙන් හෝ උපදෙස් ලබාගෙන නැත.
එමෙන්ම, වත්මන් ජනාධිපතිවරයාගේ දූර කාලය වසර පහකට පමණක් සීමා වන බව එතුමන්ද දැඩිව විශ්වාස කරන බව ජනාධිපති මාධ්ය ඒකකය පවසයි.
ඒ අනුව, මෙම වසරේ දී ජනාධිපතිවරණය පැවැත්වෙන බවට මැතිවරණ කොමිසම කළ නිවේදනය නීත්යනුකූල බවද ජනාධිපතිවරයා උපුටා දක්වමින් ජනාධිපති මාධ්ය ඒකකය නිවේදනය කර තිබේ.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න